• +94372222464
  • English
Logo

අපි ගැන

මේ වන විට වයඹ පළාතේ ඇති එකම සමූපකාර රෝහල මෙන්ම දිවයිනේ විශාලතම සමුපකාර රෝහල ද වන්නේ අපගේ රෝහලයි. අපගේ අනාගත දැක්ම සකස්ව ඇත්තේ බලප්‍රදේශය තුළ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා බවට පත් විමටයි. ඒ ආදායම උපරිමය කිරීම තුළින් නොව ඔබට වඩාත් සහනශීලි අයකිරීම් තුළින් ගුණාත්මක සුහදශීලී සේවාවක් ලබා දීම හා ඔබගේ උපරිම විශ්වාසය දිනා ගැනීම තුළින්ය. ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් අප සතුව ඇත. ඒ දියුණු සෞඛ්‍ය සේවාවක ලක්ෂණයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන, රෝග වලට ප්‍රතිකාර කිරීම නොව රෝග වලක්වා ගැනීම තුළින් නිරෝගිමත් ජාතියක් ගොඩනැගීමය. ලංකාව වැනි රටක මෙය ඉතා බැරෑරුම් කාර්යයක්ව ඇත්තේ පරිසරය තුළින් රෝග වැළඳීම හා ව්‍යාප්ත වීම සිදුවන බැවිනි. එබැවින් මෙය අපට තනිව කළ නොහැක. සාමාජිකයා ප්‍රමුඛ සමස්ත ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම තුළින් නිවැරදි සෞඛ්‍ය පුරුදු ඔවුන් තුළ ඇති කිරීමෙන් මෙය කළ යුතුව ඇත. විශේෂඥ වෛද්‍යවරුන් හා විවිධ තාක්ෂණික ශිල්පීන් 150ක් පමණ දිනපතා සායනික කටයුතු වලට සහභාගි වී සේවා සපයන රෝහලකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමය වන රෝග වැලදුනු පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග වැළදීමට පෙර නිවාරණය කිරීම ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරමු. ඒ සඳහා මඟ පෙන්වමු. 500ක් පමණ කාර්යය මණ්ඩලය ක්‍රියාත්මකව සිටී. රෝග හදුනාගැනීමට අවශ්‍ය ඕනෑම පරීක්ෂණයක් සිදුකිරීමට හා ඕනෑම රසායනාගාර පරීක්ෂණයක් 100% ක් නිවරදිව ඉටුකරදීමටත් එය ලංකාවේ ඕනෑම රෝහලකට රසායනාගාරයකට වඩා අඩුම මිලට අප සිදුකර දෙන්නෙමු. රටෙහි ජාතික සංවර්ධනයට දායක වන මහජනතාව නිරෝගිමත් ජාතියක් ලෙස කටයුතු කරනු දැක්ම අපගේ අපේක්ෂාවයි. රැකියා වියුක්තිය නැතිකර අභිමානවත් ලෙස තරුණ තරුණියන්ට ජීවිතයට පුහුණුව දීමට වෘත්තිකයන් බිහිකිරීමට අප හෙද විදුහල සමත්ව ඇත. කුරුණෑගල සමූපකාර රෝහල දිවයිනේ සමූපකාර රෝහල් සහ පෞද්ගලික රෝහල් අතර ප්‍රමුඛස්ථානයේ සිටින රෝහල බව අභිමානවත්ව පෙන්වා දෙමු.

අපි ගැන

අභිමානවත් ගමන් මග...

ඒ 1951 වර්ෂයයි. වයඹ පුරවරය කෙමෙන් ජනාකීර්ණ වෙමින් පැවති මේ යුගයේ ගිලන් වූ ජනීජනයා තම රෝගී තත්වයන්ට පිළිසරණ සොයා ඇදී එන්නට වූයේ එවකට ගිලානෝපස්ථානය සඳහා තිබූ එකම රෝහල වූ කුරුණෑගල මහ රෝහල වෙතටයි. සිව් දෙසින් පැමිණි ජනතාවගෙන් රෝහල පිරී යද්දී ඇති වූ තදබදය නිසා ඇතැමුන්ට තම අවස්ථාව පැමිණෙන තෙක් දිගු කාලයක් අඩු පහසුකම්වලින් සමන්විත රෝහල් පරිශ්‍රයේ ගත කරන්නට සිදු විය. මේ දෙස සංවේදී මනසින් යුතුව නෙත් යොමා සිටි ජනහිතකාමී මිනිසෙකු විය. මෙදෙස දිගු වේලාවක් බලාහුන් හෙතෙමේ තම නිවසට ගොස් කල්පනා කරන්නට විය. ජනතාවට මීට වඩා සාධාරණ ලෙස හා පහසුවෙන් ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාවක් තිබේ නම් කොතරම් අගනේදැයි ඔහුට කල්පනා වූවා විය හැකිය. මඳ වේලාවක් මේ ගැන සිතමින් සිටි මේ ජනහිතකාමී උතුම් මිනිසා තීරණයකට එළඹියේය. වහා හුනස්නෙන් නැගී සිටි හෙතෙම තම දයාබර බිරිඳට කතාකොට තමාගේ සිතෙහි ජනිත වූ අදහස ඇය ඉදිරියේ කියා පෑවේය. තම ආදරබර ස්වාමියාගේ වචනයට පිටින් නොයන ඕ තොමෝ එම අදහස මහත් සොම්නසින් යුතුව පිළිගෙන දෙදෙනාගේම එකමුතුවෙන් තීරණයකට එළඹියහ. ඒ අනුව, වයඹ පළාතේ විසූ කීර්තිමත් ප්‍රභූවරයෙකු මෙන්ම මලියදේව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ ද, 1965-1970 සමයේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යවරයා වූ ද දිවංගත යූ.බී. වන්නිනායක ශ්‍රිමතාණන්ට හා එතුමාගේ දයාබර බිරිඳ වූ දිවංගත චන්ද්‍රා වන්නිනායක මැතිණියට අයත් දේපලක් පරිත්‍යාග කරමින් කුරුණෑගල සමුපකාර රෝහලේ මූලාරම්භය සනිටුහන් කරන ලදී.

සීමාසහිත ඇතුගල්පුර සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය

1951 වර්ෂයේදී සාමාජිකයින් 48 ක් හා සේවකයින් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් "ඇතුගල්පුර සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය"යන නමින් ආරම්භ කර ඇති මෙම රෝහල බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට පමණක් සීමා වූවකි. සමිතියේ ලියාපදිංචිය ද එනමින් සිදුකොට ඇත. 1972 අංක 05 දරණ සමුපකාර පනතින් සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කර නැවත ලියා පදිංචි කිරීම යටතේ 1975.04.22 දින KU/1572 අංකයෙන් සී/ස කුරුණෑගල සමුපකාර ආරෝග්‍යශාලා සමිතිය නමින් ලියාපදිංචි කර ඇත. එදා මෙදාතුර පත්වූ ගරු සභාපතිවරු, අධ්‍යක‍ෂවරු මෙන්ම සේවක කාරකාදීන්ගේ ද අප්‍රමාණ කැපවීම් තුලින් මෙම රෝහල ගොඩනැගී ඇති බව සියළු සාමාජිකයන් හා සේවකයින් නිරතුරුවම සිහිපත් කරයි. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ පංති කාමරයක බොහෝ අපහසුවෙන් ඝනපූර්ණය සපුරමින් මහා සභාවන් පවත්වා ඇති අතර රෝහල දියුණු වීමත් සමග සාමාජිකත්වය ලබන පිරිස හා රෝහල පිළිබඳව උනන්දු දක්වන පිරිස වැඩි වීම සතුටට කරුණකි. වර්තමාන ගරු සභාපති ජයපත්ම වන්නිනායක මහතාගේ අප්‍රතිහත ධෛර්ය තුළින් මෙම රෝහල වයඹ පළාතේ ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකරන ආයතනයක් බවට පත්ව ඇත.

බල ප්‍රදේශය

#

නිරතුරුවම ඔබ වෙනුවෙන්

අපගේ මෙහෙවර

“සාමාජිකයා ප්‍රමුඛ ප්‍රදේශයේ ජනතාව ඇතුළුව සුවය පතා පැමිණෙන සියලු ජනතාවට, සමූපකාර ප්‍රතිපත්ති, ආචාර ධර්ම හා සාරධර්ම වලින් හෙබි දැනුමෙන් පරිපූර්ණ වූ, තෘප්තිමත්, සුහදශීලි කාර්ය මණ්ඩලයක් වෙතින් නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සෞඛ්‍ය සේවා සැපයීම තුළින් රෝග නිවාරණය කිරීම අපගේ මෙහෙවර වේ”

අපගේ දැක්ම

“බල ප්‍රදේශය තුළ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා බවට පත්වීම”

අපගේ තේමා පාඨය

“නිරතුරුවම ඔබ වෙනුවෙන්”

අධ්‍යක්ෂක මණ්ඩලය

#

නිරතුරුවම ඔබ වෙනුවෙන්

කළමණාකාරීත්වය

#

නිරතුරුවම ඔබ වෙනුවෙන්

#

නියොජ්ය සාමාන්‍යාධිකාරී [මූල්ය]

ගාමිණී කුමාරසිංහ මහතා

#

නියොජ්ය සාමාන්‍යාධිකාරී [පාලන]

ලක්ෂ්මන් දේශප්‍රිය මහතා

#

ප්‍රධාන අභ්යන්තර විගණක

ඩබ්ලිව්.එස්.එස් දීපිකා මිය

සංවිධාන ව්‍යුහය

#

නිරතුරුවම ඔබ වෙනුවෙන්

මහ සභාව සාමාජිකයන්
අධ്യക്ഷවර විශේෂක
පෙත් කමිටුව
පරිපාලන කමිටුව
සභානායකතුමා
නිෂ්පාදන සමාජිකකම (මූල)
නිෂ්පාදන සමාජිකකම (නලන්/අධිෂ්ඨාන)
ඔසුළේ කල්මනාකරු
හේද සලකා
ප්‍රධාන වෙළඳාම නිලධාරී
හේද අලෙවි
හේද විද්‍යුත් සම්පත්කරණ නිලධාරී
කාමරලේ කාරක සභාකම
අධ්‍යක්ෂ
උපදේශක කමිටුව

අතීත සභාපතිවරු

#

නිරතුරුවම ඔබ වෙනුවෙන්